Cannes චිත්‍රපට උලෙළේ හොඳම නළුවා බවට පත්වූ කොරියානු ජාතිකයා


කෑන්ස් චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සම්මානය දකුණු කොරියාවට ලැබෙයි

.

මැයි 28 වන සෙනසුරාදා දින පැවති 75 වන Cannes චිත්‍රපට උළෙලේ හොඳම නළුවා ලෙස ජපන් චිත්‍රපට අධ්‍යක්ෂක Hirokazu Koreeda ගේ "Broker" චිත්‍රපටයේ ළදරු තැරැව්කරුවෙකු ලෙස රංගනයෙන් දායක වූ දකුණු කොරියානු නළු Song Kang Ho සම්මාන ලැබීය.

 

Cannes හි රංගන ත්‍යාගයක් දිනාගත් පළමු දකුණු කොරියානු පිරිමියා බවට 55 හැවිරිදි Song පත් වූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළ අතර ඔහු මීට පෙර 2019 Palme d'Or සහ 2020 හොඳම චිත්‍රපටය සඳහා වූ ඇකඩමි සම්මානය දිනාගත් "Parasite" චිත්‍රපටය සදහා ද රංගනයෙන් දායක වී තිබේ . 

 

"මම කෘතඥ වෙනවා සහ ගෞරවයට පත් වෙනවා. විශිෂ්ට කලාකරුවෙකු වන අධ්‍යක්ෂක Koreeda ට මම ස්තූතිවන්ත වෙනවා" යනුවෙන් Song සිය පිළිගැනීමේ කතාවේදී පැවසීය.

117 Views

Comments