Ibaraki ප්‍රාන්තය සෙලවූ M5.4 භූමිකම්පාව 


Ibaraki ප්‍රාන්තයෙන් භූමිකම්පාවක් වාර්තා වේ

.

මැයි 29 වන ඉරිදා දින ප.ව 3.55 ට පමණ ජපානයේ නැගෙනහිර Ibaraki ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී 50 Km ගැඹුරකින් රිච්ටර් මාපක 5.4 ක මූලික භූ කම්පනයක් ඇති වූ නමුත් එයින් සුනාමි තර්ජනයක් නොමැති බව ජපාන කාලගුණ ඒජන්සිය පැවැසීය. 

 

අසල්වැසි Fukushima ප්‍රාන්තයේ සහ Tochigi, Gunma සහ Chiba ප්‍රාන්තවල සමහර ප්‍රදේශවල භූමිකම්පා 3 ක් වාර්තා වී ඇති අතර මෙම ප්‍රදේශවලින් තුවාල හෝ බරපතල දේපල හානි පිළිබඳ ක්ෂණික වාර්තා කිසිවක් නොමැති බව තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඒජන්සිය ප්‍රකාශ කළේය.

115 Views

Comments