හිටපු අගමැතිගේ මරණයෙන් පසු දුරකථන සාකච්ඡා පැවැත්වූ Kishida සහ Biden


හිටපු අගමැතිගේ මරණින් පසු Biden වත්මන් අගමැති අමතයි

.

ජුලි 8 වන සිකුරාදා දින Nara ප්‍රාන්තයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුරදී හිටපු අගමැති Shinzo Abe හට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වත්මන් ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහ එක්සත් ජනපද ජනාධිපති Joe Biden අතර ජුලි 9 වන සෙනසුරාදා දින  ද්විපාර්ශ්වික දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී Biden සිය ශෝකය ජපානය වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ . 

 

"රටේ දීර්ඝතම කාලයක් සේවය කළ නායකයා ඛේදජනක හා ප්‍රචණ්ඩකාරී ලෙස වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාගේ ගැඹුරු ශෝකය ජපානය සහ ජනතාව වෙත ප්‍රකාශ කර සිටිමි" යනුවෙන් Biden මෙහිදී පවසා තිබේ. 

 

"ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය පිළිබඳ නොසැලෙන විශ්වාසය" ජනාධිපතිවරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කර ඇති අතර දෙරට සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ වැදගත් කර්තව්‍යය අඛණ්ඩව කරගෙන යන විට Abeගේ උරුමය දිගටම පවතින්නේ කෙසේද යන්න පිළිබඳව ද නායකයින් දෙදෙනා මෙහිදී සාකච්ඡා කර ඇති බව පැවැසේ .

86 Views

Comments