නම්‍ය තැටි භාවිතය අත්‍යවශ්‍ය බවට සැලකෙන මූලික නීති 1900ක් ඉවත් කිරීමට පියවර ගැනේ


නම්‍ය තැටි හා සම්බන්ධ නීති ඉවත් කිරීමට ජපානය පියවර ගනියි

.

පරිපාලන ක්‍රියා පටිපාටි සඳහා අයදුම් කිරීමේදී නම්‍ය තැටි ඇතුළු නිශ්චිත පටිගත කිරීමේ මාධ්‍යයන් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවට සැලකෙන නීති සහ රෙගුලාසි 1,900 ක් පමණ අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව ජපානයේ ඩිජිටල් අමාත්‍ය ලෙස කටයුතු කරන Taro Kono පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

 

මින් පෙර අගෝස්තු 30 දින පැවැති මාධ්‍ය හමුවකදී එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය වන අනුමැතිය අගමැති Fumio Kishida වෙතින් ලබා ගත් බව Kono මෙහිදී කියා සිටි අතර "ඉදිරියට ගොස් එය කරන්න" යනුවෙන් පවසමින් තමාව දිරිමත් කරවීමට Kishida කටයුතු කළ බව සදහන් කළේය.

 

මෙම මාධ්‍ය හමුවේදී, අදහස් දක්‌වමින් Kono අවධාරණය කළේ, "Cloud computing වැනි නව තාක්‍ෂණයන්ට බාධා කරන කරුණු කිහිපයක් ඇති බව පෙනේ. අපි පැරණි Analog රෙගුලාසි අතුගා දමමු. ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි පරිපාලන කටයුතු අන්තර්ජාලය හරහා සිදු කිරීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපි සලකා බලන්නෙමු" යනුවෙනි.

122 Views

Comments