ටෝකියෝ භූමිකම්පාව හේතුවෙන් සමූලඝාතනය වූ කොරියානුවන් අනුස්මරණය කෙරේ


Kanto භූමිකම්පාවෙන් මරණයට පත්වූ කොරියානු ජාතිකයන් අනඅනුස්මරණය කෙරේ

.

වර්ෂ 1923 දී Tokyo අගනුවර ඇතිවූ මහා Kanto භූමිකම්පාවට හසු වීම හේතුවෙන් සමූලඝාතනය වූ කොරියානු වැසියන් සියලුම දෙනා සිහි කිරීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 3 වන දින Sumia Ward හි පැවති අනුස්මරණ උත්සවය සදහා පුද්ගලයන් 300 දෙනෙකු පමණ සහභාගී වී තිබේ .

 

මෙම විනාශකාරී සිදුවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගනු ලබන Hosenka පොදු සංස්ථාපිත පදනම ඇතුළු කණ්ඩායමේ සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර වර්ෂ 1982 දී ආරම්භ කරන ලද මෙම වාර්ෂික අනුස්මරණ උත්සවයේ 41 වන සංස්කරණය මේ වසරේදී සනිටුහන් කෙරිණි .

 

"මෙම සමූල ඝාතනයේ සම්පූර්ණ චිත්‍රය තවමත් අප නිශ්චිතවම නොදන්නා අතර මේ හේතුවෙන් තම ආදරණීයයන් වියෝ වූ සමහර පවුල් තවමත් ඔවුන්ගේ  දේහය සොයමින් සිටී. එනිසා අපි සෑම කෙනෙක්ම මෙම සමූල ඝාතනය වැදගත් ප්‍රශ්නයක් ලෙස තේරුම් ගත යුතුයි " යනුවෙන් Hosenka හි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන 62 හැවිරිදි Masao Nishizaki Arakawa ගං ඉවුරට රැස්ව සිටි ජනතාව අමතමින් කියා සිටියේය .

74 Views

Comments