ජපානයේ ඉහළ පෙළේ ජාතික විශ්ව විද්‍යාල දෙකක් විද්‍යා ක්ෂේත්රයේ ජාත්‍යන්තර තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ කිරීමට මූලික වශයෙන් එකඟ වී ඇත.
ටෝකියෝ තාක්ෂණ ආයතනය සහ ටෝකියෝ වෛද්‍ය හා දන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලය සිකුරාදා නිවේදනය කර සිටියේ ඔවුන් වසර දෙකකින් එක් ආයතනයක් බවට පත්වීම ඉලක්කය බවයි.
නව විශ්වවිද්‍යාලයේ නම තවම තීරණය කර නැත. 2028 මාර්තු දක්වා සංක්‍රාන්ති කාලපරිච්ඡේදයක් තුළ සංවිධානාත්මක ප්‍රතිව්‍යුහගත කිරීම් සහ අනෙකුත් කරුණු සාකච්ඡා කරන බව දෙපාර්ශවය වැඩිදුරටත් පවසා ඇත.