13 හැවිරිදි දැරියක් සිය මව ඝාතනය කරයි


Shizuoka ප්‍රාන්තයේ Makinohara හිදී මෙම ඝාතනය සිදුව ඇත.

.

Shizuoka ප්‍රාන්තයේ Makinohara හි 13 හැවිරිදි දැරියක් විසින් තම මව ඝාතනය කර තිබේ. 

40 හැවිරිදි අදාල කාන්තාව පෙරේදා(16) රාත්‍රියේ නිවස තුළදී ප්‍රහාරයට ලක්ව ඇති බවත් රාත්‍රී 11.50 ට පමණ ඇයගේ නිවසේ පදිංචි තවත් පවුලේ සාමාජිකයෙකුගෙන් හදිසි ඇමතුමක් පැමිණි බවත් පොලිසිය සඳහන් කළේය.

පසුව කාන්තාව මියගොස් ඇති බව තහවුරු විය.  

මූලාශ්‍රයට අනුව ඇයගේ ගෙල ප්‍රදේශයේ පිහි ඇනුම් තුවාල කිහිපයක් ද දිස්විය.

සැකකාර දැරිය ඝාතනයට ලක්වූ කාන්තාවගේ වැඩිමහල් දියණිය බව පොලිසිය පවසයි.  

ජපානයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින්ට ඔවුන්ගේ ක්‍රියාවන්ට සාපරාධී වගකීමක් දැරිය නොහැක.

78 Views

Comments