ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු ජපන් බොක්සිං ක්‍රීඩකයා ක්‍රීඩාවට සමුදෙයි


ඔහු ඊයේ (28) සිය විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කළේ ය.

.

ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු ජපන් බොක්සිං ක්‍රීඩකයා බවට පත් වූ Ryota Murata ඊයේ (28) සිය විශ්‍රාම ගැනීම නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.

තෝකියෝ හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

නාරා ප්‍රාන්තයේ උපත ලද ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිරිමි මිඩ්ල්වේට් අංශයේ රන් පදක්කම දිනා ගත්තේය.  

ඔහු 2013 දී සිය වෘත්තීය දිවියට පිවිසි අතර 2017 දී ලෝක බොක්සිං සංගමයේ (WBA) මිඩ්ල්වේට් ශූරයා බවට ද පත් විය.

 

55 Views

Comments