ජපානයෙන් තවත් තදවන රුසියාව...


පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida අවධාරණය කර සිටියේ...

.

පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida අවධාරණය කර සිටියේ G7 සංවිධානයේ අනෙකුත් සාමාජිකයන් සමඟ එක්ව, රුසියාව වෙත ඉතා දැඩි සම්බාධක පැනවීමට මෙවර ඔවුන් තීරණය කර ඇති බවයි.

මීට පෙර වතාවල් කිහිපයකදීම ජපාන අග්‍රාමාත්‍යවරයා රුසියාවට එරෙහි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අතර, මෙවර ඔහුගේ අදහස් දැක්වීම ඉතා දැඩි ස්වරූපයක් ගෙන තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඔහු සඳහන් කර සිටියේ, ජපානය ඇතුළු G7 සාමාජික රටවල් මේ වන විට තීරණය කර ඇත්තේ රුසියාව මත ඉතා දැඩි සහ දීර්ඝකාලීන තාක්ෂණික සහ ආර්ථික සම්බාධක පැනවීමටයි. එම පියවර මඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රුසියාවේ ක්‍රියා කලාපයන්ට සහ ආර්ථිකයට වඩා දැනෙන සම්බාධක වර්ග පැනවීම තුලින් ඔවුන්ගේ ආක්‍රමණය නවතා සිටීමටයි. 

Comments