ජපාන වර්තමාන අග්රාමාත්ය ෆුමියෝ කිශිඩා ඊයේ පැවති සිය පක්ෂ සම්මේලනයේදී පක්ෂ සමාජිකයින් සහ ප්රාන්ත සංවිධායකයින් අමතමින් පවසා සිටියේ, ඉදිරි මහ මැතිවරණය ජයග්රහණය කිරීම සඳහා එකමුතු වී ක්රියා කිරීම වැදගත් බවයි.
කිශිඩා නියෝජනය කරන ජපාන ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වාර්ෂික සම්මේලනයේ මුලසුන හොබවමින් අග්රාමාත්යවරයා සිදුකළ මෙම කතාවේදී, කොවිඩ් වසංගත තත්වය හමුවේ සහ රුසියානු ආක්රමණය හමුවේ ජපාන ආර්ථිකය බිඳ වැටෙන්නට නොදී රැක ගත් ආකාරයෙන්ම ඉදිරි අභියෝග සියල්ල ද ජය ගනිමින් ජපානය ඉහළට ඔසවා තැබීමට තමන් ඇතුළු පක්ෂය ඇප කැප වන බව තමන් ප්රතිඥා දෙන බව ඔහු පැවසීය. එම අභියෝග සියල්ල ජය ජය ගත් ආකාරයට ඉදිරි ගමන යෑම සඳහා පක්ෂ සාමාජිකයන් එකමුතු වී ක්රියා කළ යුතු බව තමන් විශ්වාස කරන බවත් ඔහු පැවැසීය. ජපාන මහ මැතිවරණය බොහෝ දුරට එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.