විදේශීය සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ජපානයට ඇතුළුවීමට නැවතත් අවසර දීමට ජපාන රජය තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ. පස්වන කොරෝනා රැල්ලෙ පැතිරයාම සැලකිල්ලට ගෙන පසුගිය අගෝස්තු මස සිට පමණ ශිෂ්‍යත්ව හිමි සිසුන් ඇතුළු සියලුම විදේශීය සිසුන්ට ජපානයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබුණි.
අන්තර්ජාතික සම්බන්ධතා පවත්වාගෙන යෑම සහ අනෙකුත් මානුෂීය හේතූන් මත මෙම තීරණය ගන්නා ලද බවත් මෙහි පළමු අදියර යටතේ සිසුන් 87 දෙනෙකුට ජපානයට ඇතුළුවීමට මෙම මස අගදී අවසර ලැබෙන බවත් ජපාන රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.