ආපදා ප්‍රදේශවලට සමස්ත ජපානයෙන් ම සහය ලැබී ඇති බව සමීක්ෂණයකින් හෙළිවේ


පසුගියදා කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ පසුගිය කාලය පුරා ...

.

පසුගියදා කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ පසුගිය කාලය පුරා ජපානයේ  සිදු වූ සියලුම ස්වභාවික ආපදාවලදී එම ප්‍රදේශ වල සහන සැලසීම සඳහා ජපානයේ අනෙකුත් සියලුම පාලන ඒකක 47 වෙතින්ම රාජ්‍ය නිලධාරීන් සහ සහන සේවා කණ්ඩායම් එවා ඇති බවයි. Kyodo ප්‍රවෘත්ති කණ්ඩායමක් මගින් සිදුකල නවතම සමීක්ෂණයකින් මේ බැව් හෙළි වී තිබේ.

ජපානය මුහුණ දුන් දරුණු සුනාමි ව්‍යසනය ඇතුළු අනෙකුත් විශාල ස්වභාවික විපත් වලදී ප්‍රධාන පාලන ඒකක 47 ප්‍රධාන අනිකුත් විශාල නගර විසි එකෙන්ම මෙම සහාය ලැබී ඇති බව එම සමීක්ෂණයෙන්  වැඩිදුරටත් හෙළිවී තිබේ. ජන ජීවිතය යථා තත්ත්වයට වඩාත් ඉක්මනින් පත්කර ගැනීමට මෙම සහය වඩාත් ඉවහල් වී ඇති බව තවදුරටත් වාර්තා මගින් සනාථ කර තිබේ.

Comments