යුක්රේනයට එල්ල වන රුසියානු ආක්‍රමණය අඩපණ කිරීම පිනිස ජපාන රජය විසින් රුසියාවට යොදන අපනයන සම්බාධක තවදුරටත් වැඩි කිරීමට ටෝකියෝව තවදුරටත් තීරණය කර තිබේ.
ඒ අනුව මෙම ආක්‍රමණයට සෘජුව සහ වක්‍රාකාරව ශක්තියක් සැපයිය හැකි සේ සැක කෙරෙන සියලුම භාණ්ඩ හා තාක්ෂණික සේවා සහ තාක්ෂණික උපාංග වර්ග තුන්සියයක් (300) සම්බාධක ලැයිස්තුවට අලුතෙන් එක් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබේ. රුසියානු හමුදා තාක්ෂණික උපාංග සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා, ඉලෙක්ට්‍රොනික අමුද්‍රව්‍ය බහුතරයක් සපයන්නේ ජපානයෙන් වීම විශේෂත්වයක් වන අතර, ඒවා සැපයීම නැවැත්වීම රුසියාවට යම් තරමක බලපෑමක් එල්ල කරන තීරණයක් වනු ඇතැයි විචාරකයන් පවසයි.