පාපැදි කාරිනිය මරණයට පත් කළ බීමත් රියදුරු අත්අඩංගුවට


චීබා ප්‍රාන්ත පොලිසිය විසින් විසි එක් හැවිරිදි කාන්තා පාපැදි කාරිනියක්  අනතුරට  ලක්කර  මරණයට පත් කළ පනස් පස්

.

චීබා ප්‍රාන්ත පොලිසිය විසින් විසි එක් හැවිරිදි කාන්තා පාපැදි කාරිනියක්  අනතුරට  ලක්කර  මරණයට පත් කළ පනස් පස් හැවිරිදි බීමත් රියැදුරකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සිදුවන මොහොතේ ඔහු අධික ලෙස මත්පැන් පානය කර තිබූ අතර අපරික්ෂාකාරී ලෙස ඔහුගේ වාහනය පදවා තිබිණි.

 

Yuki Onodera නම් මෙම කාන්තාව රාජකාරි නිම වී  නිවසට එමින් සිටින අතර තුර  පසුගිය සෙනසුරාදා රාත්‍රී 10:30 ට පමණ  මෙම අනතුර සිදුවී මියගොස් ඇත. පොලිසිය විසින් අනතුර සිදු කළ රියැදුරු  අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු අනවශ්‍ය තරමින් බීමත්ව සිටි බව ඔප්පු වී තිබේ .

137 Views

Comments