නොනවත්වා සිදු වන රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනය ඉතා අසරණ තත්ත්වයකට මේ මොහොත වන විට පත් වී ඇත. ජනතාවට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා පිටවීමට යුක්රේන ජනාධිපති තුමා හදිසි ඇඳිරි නීතියක් ද පනවා තිබෙන අතර ඔහු තවදුරටත් යුක්රේනය වෙනුවෙන් ජාත්‍යන්තර සහය පතයි.
මේ වන විට රුසියානු හමුදා කිවි අගනුවර වටකරමින් එහි ලැගුම් ගෙන ඇති අතර එම අගනුවර නගරාධිපති තුමන් පවසන්නේ රුසියානුවන් යුක්රේන මහජනතාව මරා දමමින් සිදුකරන මෙම සාහසික ක්‍රියාවට එරෙහිව නැගී සිටීමට කුවේණි ජනතාව සූදානම් බවයි . කෙසේ නමුත් යුක්රේන සිවිල් ජනතාව අපහසුවට පත් කරමින් සිදු කරන මෙම ක්‍රියාව ජාත්‍යන්තර අපරාධ කටයුත්තක් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර රුසියානු ප්‍රහාර හමුවේ එම යුද්ධය වාර්තා කරමින් සිටී American Fox News හා සම්බන්ධව සේවය කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.