කොරෝනා  සමය තුළ ලෝක ධනවතුන්ගේ වත්කම්  තවත් ඉහළට


වාර්තාවන්ට අනුව කොරෝනා වසංගතයේ පළමු අවුරුදු දෙක තුළ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් දහ දෙනා සතු වත්කම් තවත් ඉහළට ගොස්

.

වාර්තාවන්ට අනුව කොරෝනා වසංගතයේ පළමු අවුරුදු දෙක තුළ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් දහ දෙනා සතු වත්කම් තවත් ඉහළට ගොස් ඇත. කොරෝනා සමය තුළ ලෝ පුරා සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත් වීම නිසා දරිද්‍රතාවය සහ අසමානතාවය හීයක වේගයෙන් ඉහළ යාම මෙයට බොහෝ බලපා ඇති බව වාර්තා වේ.

 

Oxfam නම් වූ  අසරණ සරණ සමූහයට අනුව වසංගත කාලය අතරතුර ධනවතුන්ගේ වත්කම් ඩොලර් බිලියන 700 සිට ට්‍රිලියන 1.5 ක් දක්වාඉහළ ගොස් ඇත.එය  දිනකට ඉහළ යෑමේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 1.3 ක් බව පසුගියදා  පැවැති ආර්ථික සමුළුවකදී ප්‍රකාශ වී තිබේ .

 

Oxfam විසින් තවදුරටත් අනාවරණය කර සිටියේ මෙය දැඩි ආර්ථික හිංසනයක් බවත් අසමානතාවය හේතුවෙන් එක් දිනක් තුළදී ලොව පුරා විසි එක් දාහක් පමණ මිනිසුන් මරණයට පත් වන බවයි.ඒ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා සිටියේ බඩගින්න , ලිංගික හිංසනය ,කාලගුණ විපර්යාස සහ  සෞඛ්‍යාරක්ෂාව ප්‍රමාණවත් නොවීමයි.

305 Views

Comments