විදේශීය සරණාගත සංක්‍රමණිකයන් දෙදෙනෙක්ගෙන් ජපානයට නඩු ...


තුර්කි සහ ඉරාන සරණාගත සංක්‍රමණිකයන් දෙදෙනෙකු විසින් පසුගියදා ..

.

 තුර්කි සහ ඉරාන සරණාගත සංක්‍රමණිකයන් දෙදෙනෙකු විසින් පසුගියදා ජපාන සංක්‍රමණික රඳවා ගැනීම් වලට එරෙහිව නඩුවක් ගොනු කිරීමට සූදානම් වන බව වාර්තා විය. වයස අවුරුදු පනස් තුනක් වන Heydar Safari යන ඉරාන ජාතිකයා සහ අවුරුදු හතළිස් දෙකක් වන Deniz නම් තුර්කි ජාතිකයා  මෙලෙස සිය මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජපාන සරණාගත සංක්‍රමණ රඳවා ගැනීම් වලට එරෙහිව නඩුවක් ගොනු කිරීමට යයි.

ඔවුන්ට අනුව වසර  2016 සිට 2020 දක්වා කාලය තුළ පිළිවෙලින් ඔවුන් දෙපළ දින 1357 ක් සහ 1384 ක් ජපාන ආගමන විගමන නිලධාරීන් මගින් රඳවාගෙන තිබේ. තමන් හට සිදු වූ  වේදනාකාරී සහ මානසික පීඩාකාරී අත්දැකීම් වෙනුවෙන්  ජපාන යෙන් මිලියන 30ක වන්දියක් ඉල්ලා ටෝකියෝ දිස්ත්‍රික්ක අධිකරණයේ මෙම නඩුව පැවැරීමට ඔවුන් පියවර ගෙන තිබිණි.

 

Comments