බොරතෙල් මිල දැවැන්ත ලෙස පහළට


ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සති දෙකකින් දැවැන්ත පහත වැටීමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව

.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සති දෙකකින් දැවැන්ත පහත වැටීමක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහත අගයක් වාර්තා කර තිබෙනවා. පසුගිය සතියේ එම බැරලයක් ඩොලර් 139ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

 

මේ වනවිට ලොව පුරා පෙට්‍රල් මිල වාර්තාගත ලෙස ඉහළ අගයක් ගත් අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම සිදුවූ බව විශ්ලේෂකයින් පවසනවා.

 

කෙසේ වෙතත් මේ වනවිට චීනය තුළ යළිත් කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ යෑම, රුසියාව හා යුක්‍රේනය අතර සටන් විරාමයක් වාර්තා වීම බොරතෙල් මිල පහළ යෑමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

114 Views

Comments