විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අනතුරු අඟවයි


සමාජ මාධ්‍ය හරහා  විවිධ විදේශ රැකියා සම්බන්ධ දැනුවත් කිරීම් කරමින් මහජනතාව

.

සමාජ මාධ්‍ය හරහා  විවිධ විදේශ රැකියා සම්බන්ධ දැනුවත් කිරීම් කරමින් මහජනතාව මුළා කොට මුදල් ඉපයීමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා කාර්යාංශය මේ වෙනවිට දැනුවත් වී තිබේ. ඒ අනුව facebook, වට්ස්ඇප් සහ imo ඔස්සේ එවන් දැන්වීම් යොමු කරමින්  මහජනතාව මුලා කර මුදල් වංචා කර ගැනීමේ කාර්යයක කල්ලි  කීපයක් නිරත වෙමින් සිටී.

 

විදේශ සේවා නියුක්ති කාරයංශය මහ ජනතාව දැනුවත් කර සිටින්නේ එවන් රැකියා අවස්ථා පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුදැනුමකින් තොරව විශ්වාස නොකරන ලෙසයි. එලෙසම එම කල්ලි වල මුලාවන් ට රැවටෙමින් ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවන් පුද්ගලයන් පිළිබඳව යම්  සැක කටයුතු සැකකටයුතු ආරංචියක් මේ නම් එම කාර්යාංශයේ වහාම දැනුවත් කරන ලෙස ද ලෙසද ඉල්ලා සිටි.

Comments