වක් දුන්න තහනම් වෙයි...


සාම්ප්‍රදායික වක් දුන්න ජපානය තුළ භාවිත කරන්නේ නම් මින් ඉදිරියට..

.

සාම්ප්‍රදායික වක් දුන්න ජපානය තුළ භාවිත කරන්නේ නම් මින් ඉදිරියට ඒ සඳහා නීත්‍යානුකූල සහ ලිඛිත අවසරයක් අත්‍යවශ්‍ය බව ජපාන රජය නිවේදනය කර සිටියේය.

ඒ අනුඒ අනුව මාර්තු 15 දා සිට මෙම වක් දුන්න සහ ඊතලය ජපානය තුළ භාවිතය තහනම් කර ඇති අතර විශේෂ අවසරයක් මගින් පමණක් ක්‍රීඩා සඳහා මෙය භාවිතා කිරීමට අවසර හිමිවෙයි. පසුගිය කාල වකවානුව තුළ වාර්තා වූ ගෘහස්ථ හිංසන සහ අපරාධ රාශියකටම මෙම වත් දුන්න භාවිතා කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කර ඇති අතර, මේවා තහනම් කිරීමට එය ප්‍රධානතම හේතු වූ බව පැවසේ. මින් ඉදිරියට මේවා භාවිතා කරන්නේ නම් ප්‍රාදේශීය පොලිසියෙන් අවසර ලබා ගත යුතු අතර, එසේ බලපත්‍ර නොගත් සියලුම වක් දුනු හිමියන්ට වසර තුනකට නොවැඩි සිර දඬුවම් හෝ යෙන් 500,000 ක දඩයක් හෝ එම දඬුවම් දෙකටම යටත් වීමට සිදු වනු ඇති බව පොලිසිය සඳහන් කළේය.

205 Views

Comments