ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිඩා ඊයෙ සෙනසුරාදා දින නවදිල්ලි නුවරදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ බව වාර්තා වේ.
මෙම හමුවේ දී ඉන්දු පැසිෆික් වෙළෙඳ කලාපය තුළ කලාපීය සහයෝගීතාවය වර්ධනය කර ගනිමින් නිදහස් සහ විවෘත වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන ලද බව වාර්තා වෙයි. මීට අමතරව විශේෂයෙන්ම, යුක්රේනයට එල්ලවන රුසියානු ආක්රමණයේ දී රුසියාවට විරුද්ධව සම්බාධක පැනවීම සහ බාධා කිරීම් වෙනුවෙන් ජපානය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වන ලෙස ද කිශිඩා මෙහිදී මෝදී ගෙන් ඉල්ලා තිබෙන බවද වාර්තා වේ.