ටෝකියෝ අවදානමක..!


මීට පැය කිහිපයකට පෙර නිකුත් වූ නවතම වාර්ථා වලට අනුව ..

.

මීට පැය කිහිපයකට පෙර නිකුත් වූ නවතම වාර්ථා වලට අනුව ටෝකියෝ නගරය සහ තදාසන්න ප්‍රදේශ ඉතා වේගයෙන් කොවිඩ් වසංගතයේ  පස්වැනි රැල්ලට නතු වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ටෝකියෝ පාලන අධිකාරිය පවසන පරිදි සාමාන්‍ය ජන ජීවිතය නැවත වතාවක් පාලනය කිරීම සඳහා සීමාවන් පැනවීමට ඉතා ඉක්මනින් සිදුවන බව පෙනෙන්නට තිබේ.

පාසල් වසා දැමීම සහ පොදු මහජන ස්ථාන වල සහ සේවාවන් වල ක්‍රියාකාරිත්වයට සීමාවන් පැනවීමට මේ වන විටත් ඔවුන් ක්‍රියා කරමින් සිටී. අද සදුදා දින වන විට නව ආසාදිතයින් 3700කට වඩා හඳුනාගෙන තිබුණි. මෙම තත්ත්වය පසුගිය සතියට වඩා හතර ගුණයක වැඩිවීමක් වන අතර ආරෝග්‍ය ශාලාවල පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන්  ටෝකියෝ නගර අධිකාරිය මේ වන විට ක්‍රියා කරමින් සිටී. 

546 Views

Comments