ඊයම් විෂ නිසා විනාශ වන සංක්‍රමණික තාරාවෝ


ජපානයේ Raptor ජෛව වෛද්‍ය විද්‍යා ආයතනය සහ හොක්කයිඩෝ විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකට අනුව Kanto ප්‍රදේශයේදී

.

ජපානයේ Raptor ජෛව වෛද්‍ය විද්‍යා ආයතනය සහ හොක්කයිඩෝ විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකට අනුව Kanto ප්‍රදේශයේදී අල්ලා ගන්නා ලද සංක්‍රමණික තාරාවන් හත් දෙනෙකුගෙන් එක් තාරාවකු ඊයම් වලින් දූෂණය වී ඇති බව තහවුරු විය.

 

දඩයම් කිරීමේදී භාවිතා කරන ලද ඊයම් වලින් සාදන ලද වෙඩි බෙහෙත් ගුලි කුරුල්ලන් විසින් ගිල දමන්නට ඇතැයි විශ්වාස කෙරේ. තාරාවන් ද ආහාර දිරවීමට උපකාර වන කුඩා ගල් මෙලෙස ගිල දමති.  කැලෑ පක්ෂීන්ට මෙවැනි ගුලි වර්ග විෂ වීම රට පුරා බරපතළ ගැටලුවක් වී ඇති අතර ඒවා භාවිතය සීමා කිරීම අත්‍යවශ්‍ය වේ. 

 

සංක්‍රමණික පක්ෂීන් විශාල ප්‍රමාණයක් ශීත කාලය ගත කරන kanto ප්‍රදේශයේ දඩයම් ක්ෂේත්‍ර දෙකක වල් තාරාවන් 309 ක්  හොක්කයිඩෝ, කුෂිරෝ හි පිහිටි වනජීවී ආරක්ෂණ සංවිධානයක් වන මේ ආයතනය විසින් ඔවුන්ගේ රුධිරයේ ඊයම් ඝනත්වය පරීක්ෂා කිරීම සඳහා මෙලෙස 2018 පෙබරවාරි, 2019 පෙබරවාරි සහ 2020 නොවැම්බර් මාසවලදී අල්ලා ගන්නා ලදී.

 

පක්ෂීන්ගෙන් 43ක් හෙවත් 13.9%ක ඊයම් ඝනත්වය 0.1 ppm හෝ ඊට වැඩි මානව සාධක නිසා ඇති වූ බව සොයා ගන්නා ලදී. කුරුල්ලන් තිදෙනෙකු සම්මත මට්ටමට වඩා 0.6 ppm හෝ ඊට වැඩි ඝනත්වයකින් යුක්ත වූ අතර, එය උග්‍ර ඊයම් විෂ සහිත බව හඳුනා ගන්නා ලදී.

 

“ඊයම් විෂ වීම  විශේෂයන් ශරීරය  පුරා පැතිර තිබිය හැක. මෙම ගැටලුව මූලාශ්‍රයෙන් තුරන් කිරීම සඳහා දඩයම් කිරීමේදී ඊයම් උණ්ඩ භාවිතා කිරීම ජාතිය පුරා සීමා කළ යුතුය” යනුවෙන් ආයතනයේ ප්‍රධානී පශු වෛද්‍ය කෙයිසුකේ සයිටෝ පැවසීය.

 

2030 මූල්‍ය වර්ෂය වන විට වන පක්ෂීන් අතර ඊයම් විෂ වීම තුරන් කිරීමේ අරමුණින් 2025 මුදල් වර්ෂයේ සිට ඊයම් උණ්ඩ භාවිතය ක්‍රමානුකූලව සීමා කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ .

150 Views

Comments