බටහිර ජපානයේ ඉදිකිරීම් සමාගමක කාර්මික පුහුණු වන්නෙකු ලෙස සේවය කළ වියට්නාම ජාතිකයෙකු වසර දෙකක් පුරාවට ඔහු හා පුහුණු වේ නියුතු ජපාන සගයන් විසින් ඔහුව හිංසාකාරී ලෙස වධහිංසා වලට ලක් කළ බව පවසමින්එම සමාගමෙන් වන්දි ඉල්ලා ඇති අතර එම පිරිස වෙනුවෙන් සමාගම විසින් ඔහුගෙන් සමාව අයැදිය යුතු බව ද ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම පුහුණුව සඳහා ජපානයට පැමිණ ඇත්තේ 2019 වර්ෂයේ දීය.එසේ පැමිණ මාසයක කාලයක් ගතවීමෙන් පසුව සිටම ඔහු මෙලෙස වැඩි මට හිංසා වලට ලක් වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දැඩි තුවාල සහ අස්ථි බිඳීම් වලට ලක්වී ඇති බව ද පසුගිය දා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු විසින් හෙළිකර තිබුණි .
ඔහුගේ සේවා ස්ථානයෙන් සොයා ගත් වීඩියෝ සාක්ෂි දර්ශන වලට අනුව ඔහු සේවයේ නිරත වෙමින් සිටින අතරතුරදී හිසට හා ඔලුවට කොස්සකින් පහර දෙන බවක් දැකගත හැකිව තිබේ. මෙම පහරදීම් වලට එක් හේතුවක් වී ඇත්තේ ඔහුට ජපන් භාෂාවෙන් එම ජාතිකයන්ට දක්ෂ ලෙස ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි.