ජපානයේ ප්‍රධාන බැංකු කිහිපයක් රුසියාවේ ප්‍රධානම මූල්‍ය ආයතනයක් වනSberbank හා ඩොලර් හුවමාරුව නැවැත්වීමට කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
මේ අනුව MUFG Bank, Mizuho Bank සහ Sumitomo Mitsui Banking Corp යන මූල්‍ය ආයතන ඇමරිකානු එක්සත් ජනපදය හරහා රුසියාව සමඟ සිදුවන සියලුම ඩොලර් හුවමාරු නවත්වා ඇති අතර මෙම ගැටළුව හේතුවෙන් රුසියාව සමඟ ගනුදෙනු කරන ජපාන ව්‍යාපාර සඳහා මුදල් හුවමාරු කර ගැනීමට වෙනත් විකල්ප සොයා ගැනීමට සිදු වෙනු ඇතැයි පැවසේ .