බිම් මහලේ මිය ගොස් සිටි දරුවා


නැඟෙනහිර ජපානයේ නිවසක බිම් මහලේ මියගොස් සිටි 5 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මරණය සම්බන්ධයෙන්

.

නැඟෙනහිර ජපානයේ නිවසක බිම් මහලේ මියගොස් සිටි 5 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු මාර්තු 26 දින Saitama ප්‍රාන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් දිනපතාම පිරිමි ළමයාට දැඩි ලෙස බැණ වදින්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔහුව දිගු වේලාවක් දණින් වැටී සීසා විලාසිතාවේ වාඩි කරවා ඇති බව විමර්ශන ආරංචි මාර්ග අනාවරණය කර තිබේ .

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි ළමයාගේ මව Chika Kakimoto සහ ඇය සමඟ ටෝකියෝවට උතුරින් Saitamaz ප්‍රාන්තයේ Honjo නගරයේ ජීවත්වූ 34 හැවිරිදි Hiroki Niwa, සහ 54 හැවිරිදි Yoko Ishii වේ. 

 

මෙම වසරේ ජනවාරි මාසයේදී Kakimoto ගේ පුත් Ayumu ව ගුවනින් විසි කර වෙනත් ආකාරයකින් තම නිවසේ කාමරයකදී ඔහුට පහර දී තිබේ. 

 

Ayumu අපයෝජනයට ලක් ව ඇති බවට වූ සැකය මත Honjo නාගරික රජයට 2021 සැප්තැම්බර් මාසයේදී නගරයේ අවන්හලකින් පවුල පිළිබඳ වාර්තාවක් ලැබුණි. මෙම තිදෙනා නිවසේ දී සහ වෙනත් තැන්වලදී පිරිමි ළමයාට දිගින් දිගටම බැණ වැදී පහරදීම සිදු කර ඇති බවට ප්‍රාන්ත පොලිසිය සැක කරන අතර, ඔවුන් පසුබිම් තොරතුරු තවදුරටත් විමර්ශනය කරයි.

109 Views

Comments