වසර 3 ට පසු ආලෝකමත් වූ චෙරි මල් උද්‍යානය


නිරිතදිග ජපානයේ Fukuoka's Chuo Ward නගරයේ චෙරි මල් සඳහා ප්‍රසිද්ධ Maizuru උද්‍යානය Corona වෛරසය

.

නිරිතදිග ජපානයේ Fukuoka's Chuo Ward නගරයේ චෙරි මල් සඳහා ප්‍රසිද්ධ Maizuru උද්‍යානය Corona වෛරසය පැතිරීම නිසාවෙන් නතර කල ආලෝකකරණය  වසර තුනකට පසු පළමු වරට ආරම්භ කර තිබේ. 

 

එහි ආලෝකය කොරොකන් චතුරශ්‍රයට (වෙළඳ මධ්‍යස්ථානයක නටබුන්) සීමා කර ඇති අතර  මාර්තු 27 වන දින, ජපානයේ පැරණිතම Fukuoka නගරයේ චෙරි ගස් වල මල් හොඳින් පිපී තිබෙනු දක්නට ලැබුණි.

 

රාත්‍රියේදී, ෆුකුඕකා මාලිගයේ නටබුන් ඇතුළු උද්‍යාන පරිශ්‍රයේ ඇති අලංකාර සකුරා ගස් වල ප්‍රතිබිම්බය දිය අගලේ ජලය මතුපිට පිළිබිඹු විය.

 

අප්‍රේල් 3 දක්වා සවස 6 ත් 9 ත් අතර කාලය තුළ මෙම ප්‍රදේශය ආලෝකමත් කෙරේ. Fukuoka Castle cherry blossom Festival හි විධායක කමිටුව සකුරා නැරඹීමේ සාද පැවැත්වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

98 Views

Comments