Tokyo හි නවතම Covid තතු


ජපානයේ අගනුවර මාර්තු 31 වන දින Corona වෛරස නව ආසාදිතයින් 8,226 ක් වාර්තා වී ඇති බව ටෝකියෝ මෙට්‍රොපොලිටන්

.

ජපානයේ අගනුවර මාර්තු 31 වන දින Corona වෛරස නව ආසාදිතයින් 8,226 ක් වාර්තා වී ඇති බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

නව ආසාදිතයින් 8,226න් 3,984 කට Covid එන්නත් 2ක් ද, 103 කට එක් එන්නතක් ලබා දී තිබේ. 2,176කට එන්නත් ලබා දී නොමැති බවත් ආසාදිතයින් 1,963 ක එන්නත් තත්ත්වය නොදන්නා බවත් පැවැසේ. 

 

මාර්තු 31 වන විට, ටෝකියෝවේ Corona වයිරස නම් කරන ලද ඇඳන් 7,229 න් 1,757 ක් එනම් 24.3% ක් රෝගීන්ගෙන් පිරී තිබේ. 

 

මාර්තු 31 වන දින Covid-19 මරණ 12 ක් වාර්තා වී ඇති අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,169 කි.

 

අගනුවර Corona වෛරසයේ හයවන රැල්ල සමඟ සටන් කරමින් සිටී. මාර්තු පළමු, දෙවන, තෙවන හා සිව්වන සතියන් හි සාමාන්‍ය දෛනික ආසාදන පිළිවෙළින් 10391.9 ක් , 8631.9 ක් , 7449.1 ක් හා 6,565 ක් ලෙස සදහන් වේ . 

 

ටෝකියෝවෙන් මේ දක්වා මුළු ආසාදිතයින් 1,250,651 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ .

170 Views

Comments