ධවල මන්දිර ආරංචි වලට අනුව ඇමරිකානු ජනාධිපති Joe Biden සහ ජපාන අගමැති Fumio Kishida අතර හමුවක් මාර්ගගත ලෙස අමන සිකුරාදා දින පැවැත්වීමට නියමිතය.මෙම හමුවේ අරමුණ ලෙස දක්වා ඇත්තේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා සහ පැසිපික් කලාපීය ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමයි .
තවද covid 19 වසංගතයෙන් ආරක්ෂාවීම , කාලගුණ විපර්යාස හා නව තාක්ෂණයන් සොයා ගැනීම සම්බන්ධව ද වැඩිදුරටත් මෙහි දී සාකච්ඡා වීමට නියමිතය. දෙරට අතර සම්බන්ධතාවයේ ශක්තිමත් භාවය ඉන්දු පැසිෆික් කලාපයේ සහ ලොව පුරා සාමය ,ආරක්ෂාව හා ස්ථායිතාවය පවත්වා ගැනීමට කෙතරම් ප්රධාන ප්රතිෂ්ඨාපනයක් වන්නේදැයි මෙම හමුව තුළින් ඉස්මතු වීමට නියමිතය.