ජපානයේ වඩාත් හොඳින් ම අලෙවි වන බියර ය එහි වට්ටෝරුව වෙනස් කරයි


ජපානයේ මේ වන විට වඩාත් හොඳින් ම අලෙවි වන බියරය වන Asahi Super Dry, ඒ පළමු වරට නිකුත් වීමෙන් වසර තිස් පහකට පසුව ප්‍රථම වරට ?

.

ජපානයේ මේ වන විට වඩාත් හොඳින් ම අලෙවි වන බියරය වන Asahi Super Dry, ඒ පළමු වරට නිකුත් වීමෙන් වසර තිස් පහකට පසුව ප්‍රථම වරට එහි වට්ටෝරුව වෙනස් කිරීමට සූදානම් වන බව ජපන් ආරංචි මාර්ග පවසයි .

 

Asahi Super Dry ප්‍රථම වරට ජපානය තුළ වෙළඳාම් වුණේ වර්ෂ 1987 දී වන අතර ඒ එතෙක් බියර පානය කළ පිරිසට නවමු අත්දැකීමක් එකතු කරමිනි."dry" බියර යන සංකල්පය යටතේ කරළියට පැමිණි මෙය වැඩිකල් නොගොස්ම සැලකිය යුතු පිරිසකගේ අවධානයට සහ ආදරයට පාත්‍රවිය.ඒ සමගම එයාට ජපානයේ වැඩියෙන්ම අලෙවි වන බියර ලෙසටද මෙතෙක් නම් රඳවා තබා ගැනීමට හැකි විය.

 

කෙසේ වෙතත් 2021 වර්ෂයේ දියරයේ අලෙවිය පෙර වසර වලට වඩා පහත වැටීමත් සමගම අදාල සමාගම මෙලෙස එහි වට්ටෝරු වෙනස් කළ නව ආරකින් වෙළඳ පළට පලට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

290 Views

Comments