රුසියාවේද සීඝ්‍ර කොරොනා වර්ධනයක්


ඉතා සීග්‍රයෙන් පැතිර යන omicron ප්‍රභේදයක් සමග රුසියාව තුළ ද අලුතෙන් වාර්තා වන corona ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනය??

.

ඉතා සීග්‍රයෙන් පැතිර යන omicron ප්‍රභේදයක් සමග රුසියාව තුළ ද අලුතෙන් වාර්තා වන corona ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් ඇති බව රුසියානු ආරංචිමාර්ග සඳහන් කරයි.

 

එරට corona කාර්ය සාධක බලකාය ට පසුගිය පැය 24 තුළ දී නව කොරෝනා ආසාදිතයන් 30726ක් ලියාපදිංචිව ඇත .එය මීට සතියකට පෙර වාර්තා වූ අගයට වඩා දෙගුණයකින් ඉහළ යෑමක් බවත් පසුගිය දෙසැම්බර් මසින් පසු වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් ගණන බවත් වාර්තා වේ.තවද එම බලකාය විසින් කොරෝනා මරණ 670ක් වාර්තා කර ඇත.

 

දැනට ව්‍යාප්ත වෙමින් පවතින omicron ප්‍රභේදය මින් ඉහතදී වාර්තා වූ ප්‍රභේදයන් ට වඩා පහසුවෙන් හා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන අතර මේ වන විට මම විශාල රටවල් ගණනාවකට ඉන් බලපෑම් එල්ල වී ඇත.තවද එහි විශේෂත්වය වන්නේ මේ වන විට එන්නත් ලබාගෙන ඇති පුද්ගලයන්ට මෙන්ම මින් පෙර වෙනත් corona ප්‍රභේදයක් ආසාදිත ව සිටී පුද්ගලයන්ට ද මෙය පහසුවෙන් නැවත ආසාදනය විය හැකි බවයි.කෙසේ වෙතත් මෙය කලින් පැවති Delta ප්‍රභේදයට තරම් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වන ප්‍රභේදයක් බව අධ්‍යනයන් තහවුරු කර ඇත.

561 Views

Comments