2020 මාර්තු මාසයෙන් පසුව චීනයේ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් මේ වන විට වනවිට වාර්තා වෙමින් පවතින බැවින් මහජනතාව සඳහා ඔලිම්පික් ටිකට් නිකුත් කිරීමේ සැලසුම චීනය විසින් හකුලාගෙන ඇත.
ඔලිම්පික් සංවිධාන කමිටුව මගින් පවසා සිටියේ මෙවර ඔලිම්පික් තරඟාවලිය නැරඹීමට කිසිදු ජාත්‍යන්තර නරඹන්නෙකුට ඉඩප්රස්ථාව ලබා නොදෙන බවයි.ඒ චීනයට ඇතුළු වීමෙන් පසුව සති ගණනාවක් පුරාවට ගෙවිය යුතු නිරෝධායනය සමය හේතුවෙනි.එනමුත් දේශීය නරඹන්නන්ට එම අවස්ථාව සලසා දීමට මින් පෙර චීනය බලාපොරොත්තුවෙන් සිටි අතර ඉතා දරුණු ලෙස නැවත පැතිර යන වසංගත තත්වය හේතුවෙන් එම තීරණය ද අවලංගු කර තිබේ.