ජපානයේ තවත් භූකම්පාවක් වාර්තා වෙයි


අප්‍රේල් 4 වනදා සවස ජපානයේ නැගෙනහිර ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 4.7 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් මධ්‍යස්ථ භූමිකම්ප?

.

අප්‍රේල් 4 වනදා සවස ජපානයේ නැගෙනහිර ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 4.7 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් මධ්‍යස්ථ භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවැසීය. 

 

රාත්‍රී 10:30 ට ඇති වූ කම්පනය, ටෝකියෝ සහ නැගෙනහිර ජපාන ප්‍රාන්තවල ඉබරාකි, සයිටාමා, චිබා සහ කනගාවා යන ප්‍රදේශවල ස්ථාන 7 ක ජපන් භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 3 ක් මැනිය හැකි බව ඒජන්සිය පවසයි. ඇතිවූ භූකම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන් වේ.

 

ඒජන්සියේ වාර්තා වලට අනුව 60Km පමණ ගැඹුරින් ඇති වූ මෙම කම්පනය වයඹ දිග චිබා ප්‍රාන්තයේ නාභිගත වී තිබේ.

238 Views

Comments