ජපානයේ නැතිවූ මුදල්


ජාතික පොලිස් ඒජන්සියට (NPA) අනුව, 2019 දී යෙන් බිලියන 19.7 (ඩොලර් මිලියන 160) වාර්තාගත අහිමි වූ මුදල් ප්‍රමාණයකට අදාළ සිදු

.

ජාතික පොලිස් ඒජන්සියට (NPA) අනුව, 2019 දී යෙන් බිලියන 19.7 (ඩොලර් මිලියන 160) වාර්තාගත අහිමි වූ මුදල් ප්‍රමාණයකට අදාළ සිදුවීම් සෑම ප්‍රදේශයකින්ම පොලිසියට වාර්තා විය. ඉන් යෙන් බිලියන 17.7 (ඩොලර් මිලියන 144 ක් පමණ) මුදල් ආපසු අයිතිකරුවන් විසින් ලබා ගෙන තිබේ. 

 

මෑත වසරවලදී ක්‍රෙඩිට් කාඩ්පත්,ඉලෙක්ට්‍රොනික මුදල් සහ ගෙවීම් යෙදුම් ඉක්මනින් ලබා ගැනිමේ හැකියාව තිබියදීත් මෙය සිදු වන අතර ඇතැම් අවස්ථාවල මුදල් සහ වටිනා දේවල් කුණු කූඩයට එකතු වූ විට එහිදී ඒවා සොයාගන්නා බව වාර්තා වේ. 

 

විශේෂඥයන්ට අනුව තනිව ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් තම නිවෙස්වල මුදල් තබා ගැනීම මෙන්ම පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින පෞද්ගලික නිවසක හෝ මාරුවෙන් මාරුවට පදිංචිකරුවන් සිටින කුලී නිවසක තනිව පුද්ගලයෙකු මිය ගියහොත්, සමීපතම ඥාතියෙකු ඉදිරිපත් නොවීම ඔවුන්ගේ මුදල් සහ දේපළ ද පොලිසියට වාර්තා කිරීමට හේතු වේ. 

 

ජාතික ජනගහන හා සමාජ ආරක්ෂණ පර්යේෂණ ආයතනයට අනුව, වයස අවුරුදු 65ට වැඩි තනිව ජීවත් වන පුද්ගලයින් සංඛ්‍යාව 2015 දී මිලියන 6.25 (11.7%) සිට 2040 දී මිලියන 8.96 (17.7%) දක්වා වැඩි වනු ඇතැයි පැවැසෙන නමුත් එමඟින් මෙලෙස අයිතිකරුවන් නොමැති මුදල් ප්‍රමාණය ද වැඩි වීමට ඉඩ තිබේ .

121 Views

Comments