ජපානයේ විස්ටේරියා මල් උයන


තරමක් ශක්තිමත් ගසක් ලෙස වැඩෙන විස්ටේරියා චීනය, කොරියාව, ජපානය, වියට්නාමය, දකුණු කැනඩාව, සහ  අමෙරිකා එක්සත් ජනප?

.

තරමක් ශක්තිමත් ගසක් ලෙස වැඩෙන විස්ටේරියා චීනය, කොරියාව, ජපානය, වියට්නාමය, දකුණු කැනඩාව, සහ  අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශයේ බහුල ව දැකිය හැක. මෑතකාලීන ව එය ව්‍යාප්ත වූ රටවල් අතර ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ තවත් යුරෝපා රටවල් ගණනාවක් තිබේ.

 

ප්‍රභේද දහයකට වැඩි සංඛ්‍යාවක් තිබෙන බව කියන විස්ටේරියා ප්‍රධාන වශයෙන් වගා කෙරෙන්නේ විසිතුරු ශාකයක් වශයෙනි. සුදු, දම්, රෝස, ළා දම් වැනි වර්ණ කිහිපයකින් යුතු මෙම මල් පහතට එල්ලා වැටෙන ආකාරයෙන් හටගනී.

 

එක්සත් රාජධානියේ උපත ලබා අමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ උද්භිද විද්‍යාඥයකු වූ තෝමස් නුටෝල් වරෙක පැවසුවේ එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ ජීවත් වූ වෛද්‍යවරයකු වූ කැස්පර් විස්ටාර්ට කරන ගෞරවයක් ලෙස මෙම මල් විශේෂය 'විස්ටේරියා' යනුවෙන් නම් කළ බව යි. තවත් මතයක් වන්නේ විස්ටාර්ට කරන ගෞරවයක් ලෙස මෙය විස්ටේරියා යනුවෙන් නම් කළේ පෘතුගීසි ජාතික උද්භිද විද්‍යාඥයකු වූ ජෝස් ෆ්‍රැන්සිස්කෝ කොරයා බව යි.

 

ජෝස්, එක්සත් ජනපදයේ පෘතුගාල තානාපති ලෙස සේවය කළ අතර ඒ කාලය තුළ ඔහු සහ විස්ටාර් ඉතා හිතවත් මිතුරන් බවට පත්ව තිබේ. එම මිත්‍රත්වය සිහිවීම සඳහා මෙම ශාකයට ඒ නම යෙදූ බව සමහරුන්ගේ මතය වේ.

 

මුල් කාලයේ දී මෙම මල් උමඟ පිහිටි ඉඩමට පිටස්තර පුද්ගලයන්ට ඇතුළු වීමට හැකියාවක් නොවී ය. කෙසේ වෙතත් වසරකට කිහිප වරක් මලින් වැසී යන මෙම අපූරු උමඟ දැක බලාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බොහෝ සංචාරකයන් කැමැත්තක් දක්වන බැවින් මල් හටගන්නා කාලයට පමණක් එය මහජනතාවට විවෘත කිරීමට එහි හිමිකරු තීරණය කළේය.

 

මෙය පිහිටා ඇති ප්‍රදේශය කඳුකර ප්‍රදේශයක් බැවින් එහි උස් කඳු මුදුන්වල සිට අවට නරඹන්නන්ට, මලින් වැසී ගිය මෙම ස්ථානය ඉතා චමත්කාරජනක ලෙස දිස් වේ.

 

සෑම වසරක ම, විස්ටේරියා මල් හටගන්නා කාලය තුළ ලක්ෂ ගණනක් දේශීය සහ විදේශීය සංචාරකයන් 'කිටකියුෂු' ප්‍රදේශයට පැමිණේ. එහි පිහිටි උණ ශාකවලින් පිරි වනාන්තර සහ විස්ටේරියා මල් උමඟ සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධානත ම සංචාරක ගමනාන්තයන් වේ. කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ඉතා විශාල පිරිසක් පැමිණීමත් සමඟ ඇති වන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම උමඟ නැරඹීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ඊට පෙර, දිනයක් සහ වෙලාවක් වෙන් කරගැනීම අනිවාර්ය කර තිබේ.

 

බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණයට ලක් වන මෙම ස්ථානයට ළඟා විය හැකි මාර්ග සහ ක්‍රම කිහිපයක් ඇත. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නම් 'JR Yahata' දුම්රිය ස්ථානයේ සිට ගමන් ගන්නා දුම්රියකින් එහි ළඟා විය හැක. ඒ සඳහා ජපන් යෙන් 280ක් වැය වන අතර ගමනට ගත වන කාලය ආසන්න වශයෙන් විනාඩි 15කි. ඊට අමතර ව, විස්ටේරියා උමඟ දැක බලාගැනීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් ම ක්‍රියාත්මක වන ශට්ල් බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක වේ.

 

එම බස් රථ, ආසන්න වශයෙන් පැය භාගයකට වරක්, පෙර කී දුම්රිය ස්ථානය ආසන්නයේ සිට මල් උමඟ පිහිටි ඉඩම ආසන්නයට ම ගමන් කරයි. සාමාන්‍ය බස් රථ මගින් ද මෙම ස්ථානයට ළඟා විය හැකි වුවත් සාමාන්‍ය බස් රථ එම ඉඩම ආසන්නයට ම ධාවනය නොවේ. මෙහි පැමිණෙන දේශීය සංචාරකයන් බොහෝ විට මෝටර් රථවලින් පැමිණෙන බැවින් වාහන නවතා තැබීම සඳහා වෙන් කළ ස්ථාන 200ක් පමණ මෙම ස්ථානය අවට තිබේ.

186 Views

Comments