චිප් හිඟය නිසා ටොයෝටා වාර්ෂික නිෂ්පාදනය  අවිනිශ්චිත මට්ටමක


ගෝලීය වශයෙන් මුහුණ පා ඇති චිප් හිඟය නිසා  ටොයෝටා සමාගමේ අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදන  ප්‍රමාණය සපුරාගැනීමට ඉදි?

.

ගෝලීය වශයෙන් මුහුණ පා ඇති චිප් හිඟය නිසා  ටොයෝටා සමාගමේ අපේක්ෂිත වාර්ෂික නිෂ්පාදන  ප්‍රමාණය සපුරාගැනීමට ඉදිරි කාලය තුළදී නොහැකි වන බව  පසුගිය අඟහරුවාදා එම සමාගම් විසින් නිවේදනය කර තිබුණි.

 

මෝටර් රථ වලට අවශ්‍ය මයික්‍රොචිප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපාංග වල හිඟය හේතුකොටගෙන  ටොයොටා ඇතුළු බොහෝ  මෝටර් රථ නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලි මන්දගාමි කිරීමට හෝ තාවකාලිකව නවතා දැමීමට සිදුවී ඇත.

 

පසුගිය සැප්තැම්බරයේදී ටොයෝටා සමාගම විසින් එළඹෙන 2022 මාර්තු මාසයට නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුව මෝටර් රථ ප්‍රමාණයමිලියන 9.3 සිට මිලියන 9 දක්වා අඩු කර ඇත.

391 Views

Comments