තානාපති කාර්යාලය මඟින් වසර තුනකට පසු ෆුකෝකා හි කියුෂු ලංකා මහා විහාරස්ථානයේ දී තානාපතිතුමා ප්රමුඛ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ජංගම කොන්සියුලර් සේවාවක් සාර්ථකව පවත්වන ලදී. මෙම සේවාව ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා 2022 අප්‍රේල් 02 (සෙනසුරාදා) උදෑසන 9 සිට පැවැත්වුණු අතර සවස 5 න් පසු අවසන් ශ්‍රී ලාංකික අයදුම්කරුට ද සේවය කිරීමෙන් අවසන් කරන ලදී. තානාපතිතුමා බෙප්පු ප්‍රදේශයට ගොස් එහි වෙසෙන සිසුන් ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වීසා ප්‍රමාදයන්, රැකියා අවස්ථා ආදිය පිළිබඳ ගැටළු නිරාකරණය කරගැනීමට හැකි සෑම විටම සහය ලබා දීමට එකඟ විය. තානාපතිතුමා ෆුකෝකා ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එම ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රජා රැස්වීමකදී හමුවූ අතර කියුෂු ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරන ලද සිංහල, දෙමළ අලුත් අවුරුදු ක්‍රියාකාරකම් සඳහා ද සහභාගී විය. එතුමා විසින් 2021 වසරේ තානාපති කාර්යාලය හා එක්ව සංවිධානය කරන ලද භක්ති ගී සහ නත්තල් කැරොල් උත්සව සඳහා සහභාගී වූ ළමුන් සඳහා ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු කරන ලදී.