ඇතැම් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපීමට යන ජපානය


රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම නැවැත්වීම සඳහා ජපානය එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් සමඟ එක්ව රුසියාවට

.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම නැවැත්වීම සඳහා ජපානය එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් සමඟ එක්ව රුසියාවට පීඩනය වැඩි කිරීමට කටයුතු කරයි. 

 

එහි එක් පියවරක් ලෙස ජපාන විදේශ අමාත්‍යාංශය ඔත්තු බැලීම වැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු නෙරපා හරින බව නිවේදනය කළේය.

 

එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් ද පෙරදී මේ ආකාරයට නිවේදනයක් නිකුත් කර ඇති අතර ජපන් රජය ඉවත් කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව හොඳින් සලකා බලමින් සිටින බව වාර්තා වේ .

112 Views

Comments