තවදුරටත් COVAX පහසුකමට අධාර සපයන ජපානය


COVID-19 එන්නත් සඳහා සමාන ලබාගැනීමක් සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් ප්‍රයත්නයන් සඳහා ජපානය ඩොලර් මිලිය

.

COVID-19 එන්නත් සඳහා සමාන ලබාගැනීමක් සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් ප්‍රයත්නයන් සඳහා ජපානය ඩොලර් මිලියන 500 ක් දක්වා දායක වනු ඇති බව අගමැති ෆුමියෝ කිෂිඩා සිකුරාදා ගෝලීය එන්නත් අනුපාතය ඉහළ නැංවීම සඳහා අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් පැවති නායක සමුළුවකදී පැවසීය.

 

දැඩි ගෝලීය සැපයුම් සහ COVID-19 වසංගතය මධ්‍යයේ අඩු ආදායම්ලාභී ජාතීන්හට එන්නත් මාත්‍රා සුරක්ෂිත කර ගැනිමේ අරගලයක නියත වීමට සිදුව ඇත. මෙනිසා ජපානය මේ වන විට සෘජුව හෝ COVAX පහසුකම හරහා මාත්‍රා මිලියන 43ක් පමණ පරිත්‍යාග කර තිබේ. 

 

COVAX සමුළුවේදී අදහස් දක්වමින් කිෂිඩා පැවසුවේ එන්නත් යනු වසංගතයට එරෙහිව සටන් කිරීමට ප්‍රබල මෙවලමක් වන නමුත් ලබාගැනීම සම්බන්ධයෙන් ජාතීන් අතර හිඩැස් පවතින බවයි.

 

"මෙම වසංගතය සැබවින්ම ජය ගැනීම සඳහා යතුර වන්නේ ලෝකයේ සෑම රටකම සහ ප්‍රදේශයකම එන්නත් සඳහා සාධාරණ ලබාගැනීමක් සහතික කිරීමයි" යනුවෙන් කිෂිඩා සිය වීඩියෝ පණිවිඩයේ පැවසීය.

172 Views

Comments