මේ වන විටත් පාලනය කළ නොහැකි ලෙස උග්ර වෙමින් පවතින යුක්රේන රුසියානු ගැටුම් හේතුවෙන් බොහෝ යුක්රේන වැසියන් ඉතා පීඩාකාරී තත්ත්වයකට මුහුණ දී ඇත. ඒ අතරින් ආහාර හා සනීපාරක්ෂක ගැටලු ප්රධාන තැනක් ගනී. මේ වන විටත් බොහෝ යුක්රේන වැසියන් ආහාර හිග තාවයකින් පීඩා විඳින අතර බහුතරයක් යුක්රේන වාසීන්ට ඉතා කුඩා ආහාරයකින් සෑහීමකට පත්වී ජීවත් වීමට සිදු වී ඇති අතර තවත් බොහොමයකට දවසට ආහාර ලබා ගන්නා වේල් ගණනද සීමා කිරීමට සිදුවී ඇත . මෙම ආහාර ගැටලු විසඳීමට ලෝක ආහාර වැඩසටහන මගින් ඔවුන්ගේ උපරිමයෙන් ඒ වන විට දායකත්වය ලබා දී ඇත .
කෙසේ නමුත් ලෝක ආහාර වැඩසටහන අනුව මෙම අර්බුදය තවදුරටත් දිගින් දිගටම පැවතීම හේතුවෙන් මෙම ආහාර අර්බුදය යුක්රේනය පරයා ගෝලීය ආහාර අර්බුදයකට වුවද මුල පිරීමක් විය හැකි බව ඔවුන් ප්රකාශ කර තිබේ.