කොවිඩ් සඳහා තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ලබාදෙන booster එන්නතේ ප්‍රබලතාවය කාලයත් සමග හීන වී යාම හේතුවෙන් නැවත වතාවක් කොරෝනා රැල්ලක් ජපානය තුළ ඇතිවීම වැළැක්වීම පිණිස ජපාන වාසීන්ට තවත් booster එන්නතක් 4 වෙනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට සලකා බලන බව ජපාන රජය පසුගියදා නිවේදනය කළේය.
මෙය ලබා දීම හෝ නොදීම පිළිබඳව තවම නිශ්චිත තීරණයක් රැගෙන නොමැති නමුත් ඒ සඳහා මූලික කටයුතු ලෙස එන්නත් කූපන් පත් සකස් කිරීම, එන්නත් මධ්‍යස්ථාන සූදානම් කිරීම ආදී මූලික කටයුතු මැයි මස අග භාගය වන විට සූදානම් කර තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පළාත් අධිකාරීන්ට දන්වා තිබේ.