Kawasaki හි වීදියකදී 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙකුට පහරදී මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 20 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ මාර්තු 28 Mizunokuchi දුම්රිය ස්ථානය අසලදි රාත්‍රී 9.30 ට පමණය.ඉදිකිරීම් ක්ෂේත්රයේ සේවය කරන Ryota Nakamoto සහ රැකියා විරහිත Rion Komatsu යන පුද්ගලයන් දෙදෙනා විශ්වවිද්‍යාල සිසුවා දුම්රිය ස්ථානය අසලින් යද්දී ඔහුට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබේ.
එම පුද්ගලයින් දෙදෙනා සිසුවා හමුවී නවතින ලෙසට පැවසූ බව ය. එහිදී ආරවුලක් ඇති වී සිසුවාගේ මුහුණට පහර දී ඇති අතර ඔහුගේ නිකට අස්ථියක් කැඩී තිබේ. පහර දුන් අය තමාට බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් වෙත යන ලෙස බල කළ බවත් මුදල් ගැනීමට තර්ජනය කල බවත් වින්දිතයා පොලිසියට පැවසීය. වින්දිතයා යෙන් 190,000 ක් ලබාගෙන ඇති අතර සැකකරුවන් පලා ගොස් තිබේ.
ආරක්ෂිත කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර වින්දිතයා තමන් ඔවුන්ව නොදන්නා බවයි කියා සිටියේය .