තම හැත්ත දෙහැවිරිදි නැන්දම්මාට අමානුෂික ලෙස පිහි ඇනුම සිදුකර ඇගේ නිවස තුලදී මරා දැමූ විසිපස් හැවිරිදි තරුණයෙකු කේ ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු එලෙස සිදු කර ඇත්තේ එම කාන්තාවගේ කසා මා නගරය තුළ පිහිටි නිවසේදීය .
පොලිසිය පවසන පරිදි මෙම පුද්ගලයා Tomoko Kotani නම් ඇයගේ මුහුණට හා බෙල්ල ප්‍රදේශවලට මෙලෙස පිහි ඇනුම සිදුකර ඇයගේ නිවසේ මිදුලේ දී සදුදා දින මධ්‍යහන කාලයේ දී ඝාතනයට ලක් කර ඇත. ඇයගේ දියණිය විසින් එම කාන්තාව වහා රෝහල් ගත කර තිබූ නමුත් ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇත.
මෙම පුද්ගලයා මියගිය කාන්තාවගේ දියණියගේ සැමියා වන අතර ඔහු සිදුවීම සිදුවන අවස්ථා වන විට ඇය ගෙන් වෙන්ව වෙනත් ප්‍රාන්තයක ජීවත්වෙන සිට ඇත. කෙසේ නමුත් සිදුවීම සිදුවූ දිනම සවස හයයි තිහට පමණ ibaraki පොලිසිය විසින් මාර්ගයක සැරිසරමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.