Takayu Onsen උණු දිය උල්පත් නිකේතනය සහ Tsuchiyu Toge කඳුකරය සම්බන්ධ කරන දිග 28.7 Km වූ මාර්ගය දිගේ හිම අර්ධ වශයෙන් ඉවත් කර 4m ක් පමණ උසකින් සහ කිලෝමීටර 1.4 ක් පමණ දිගකින් යුත් "හිම කොරිඩෝවක්" නිර්මාණය කර ඇත .
ෆුකුෂිමා ප්‍රාන්ත රජයේ උතුරු ඉදිකිරීම් කාර්යාලයට අනුව, පසුගිය වසරේ අග සිට අඛණ්ඩව පවතින අධික හිම පතනය හේතුවෙන් හිම සාමාන්‍යයට වඩා තුන් ගුණයක් දක්වා ගැඹුරු වි තිබේ . එහි ප්‍රතිඵලයක් ලෙස හිම ඉවත් කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති නිසා සාමාන්‍ය වසරකට වඩා මාස භාගයකට පසු අප්‍රේල් මස අගදී මාර්ගය මහජනතාවට විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
"බොහෝ අමුත්තන් විශ්මයජනක දර්ශන සහ කලාතුරකින් දැකිය හැකි ආකර්ෂණීය හිම බිත්ති භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු " යනුවෙන් කාර්යාලයේ ප්‍රධානී ටෝරු සුගනාමි පැවැසීය.