ටෝකියෝවෙන් ඉරිදා නව COVID-19 රෝගීන් 8,026 ක් වාර්තා වූ අතර, අඛණ්ඩව සිව්වන දිනටත් සතියෙන් සතිය වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් සෞඛ්‍ය විශේෂඥයින් තවත් ආසාදන රැල්ලක් ගැන අනතුරු අඟවා තිබේ.
ජපානයේ සමුච්චිත මුළු Corona වෛරස් රෝගීන් සෙනසුරාදා මිලියන 7 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය හත්වන ආසාදන රැල්ලට පිවිසෙමින් සිටින බව වාර්තා වේ. තරුණයින් අතර ආසාදනය වැඩි බැවින් බැවින් බූස්ටර එන්නත් අනුපාතය ඉහළ නැංවීමට රජයේ නිලධාරීන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිති .
Omicron වික්‍රියාවේ අධික ලෙස බෝවන BA.2 උප ප්‍රභේදය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සිකුරාදා මාධ්‍ය හමුවකදී කියා සිටියේ දැනට ජපානයට සංචාරක පැමිණීම් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර නොමැති බවයි.