රාජකීය සබඳතාව විදහා දැක්වෙන ප්‍රදර්ශනය


ජපන් සහ බ්‍රිතාන්‍ය රජ පවුල් අතර වසර 350ක සබඳතා ගවේෂණය කෙරෙන ප්‍රදර්ශනයක් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ ලන්ඩන් නිවහ??

.

ජපන් සහ බ්‍රිතාන්‍ය රජ පවුල් අතර වසර 350ක සබඳතා ගවේෂණය කෙරෙන ප්‍රදර්ශනයක් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ ලන්ඩන් නිවහන වූ බකිංහැම් මාලිගය අසල Queen's Gallery යේදී විවෘත විය.

 

රාජකීය පවුලේ ස්ථිර එකතුවෙන් භාණ්ඩ 150ක් පමණ ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. ඒවායින් බොහොමයක් ජපන් අධිරාජ්‍යයන් සහ ෂෝගන්වරුන් විසින් බ්‍රිතාන්‍ය රාජකීයයන්ට තෑගි කරන ලද ඒවා වේ. 

 

ප්‍රදර්ශනයේ ඇති වස්තූන් අතර සමුරායි සන්නාහ සහ ආයුධ, ලැකර්වෙයාර් සහ පිඟන් භාණ්ඩ දැකිය හැකි වේ. විස්මිත කෘති බ්‍රිතාන්‍ය රසය ගැඹුරින් හැඩගස්වා ඇති අතර ජාතීන් දෙක අතර කල්පවත්නා සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උපකාරී වූ" බව ප්‍රදර්ශනයේ භාරකරු රේචල් පීට් පැවසීය.

Comments