Honda හි ආයෝජන සැලසුම්


2030 වන විට ගෝලීය වශයෙන් විද්‍යුත් වාහන මාදිලි 30ක් දියත් කරන බවත් ඉදිරි වසර 10 තුළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ය

.

2030 වන විට ගෝලීය වශයෙන් විද්‍යුත් වාහන මාදිලි 30ක් දියත් කරන බවත් ඉදිරි වසර 10 තුළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා යෙන් ට්‍රිලියන 8ක්  වැය කරන බවත් Honda Motor Co. අඟහරුවාදා ප්‍රකාශ කළේය. 

 

2040 වන විට එහි සමස්ත නව මෝටර් රථ අලෙවියෙන් 100% දක්වා විද්‍යුත් සහ ඉන්ධන සෛල වාහන අනුපාතය ඉහළ නැංවීමේ ප්‍රයත්නයන් වේගවත් කරන බැවින් Honda සමාගම 2030 වන විට EV ඒකක මිලියන 2 කට වඩා වැඩි වාර්ෂික නිමැවුමක් ලබා ගැනීමට උත්සාහ කරන බව කියා සිටියේය.

 

Honda සභාපති Toshihiro Mibe ටෝකියෝ හි සමාගමේ මූලස්ථානයේ පැවති ඉදිරිපත් කිරීමකදී කියා සිටියේ මෝටර් රථ නිෂ්පාදකයා යෙන් ට්‍රිලියන 5 ක් පමණ විද්‍යුත්කරණය සහ මෘදුකාංග තාක්ෂණයන් සඳහා වෙන් කරන බවයි.

138 Views

Comments