නිසාන් සහ නාසා ආයතනය එක්ව ඉක්මනින් ආරෝපණය කළ හැකි සැහැල්ලු හා අනතුරු අවම කළ නව තාක්ෂනයෙන් යුතු බැටරියක් විද්‍යුත් මෝටර් රථ සඳහා නිෂ්පාදනය කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බව Nissan මෝටර් රථ නිෂ්පාදන සමාගම පසුගියදා නිවේදනය කළේය.
ඔවුන්ගේ නිවේදනය පරිදි 2028 වර්ෂයේදී මෙම නිෂ්පාදනය දියත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර එමගින් දැනට භාවිතා කරන ලිතියම්- අයන බැටරිය ප්‍රතිස්ථාපනය වනු ඇත. මෙම නව නිෂ්පාදනයේ ප්‍රධාන අරමුණ ලිතියම් අයන බැටරි සඳහා අවශ්‍ය ය දුර්ලභ ලෝහ වැනි මිල අධික අමුද්‍රව්‍ය භාවිතා කිරීම අවම කිරීමයි.