තරුණ ජිරාෆ් කෙනෙකු වූ Himawari උපතේ සිටම බටහිර ජපන් නගරයේ Hyogo ප්‍රාන්තයේ Kobe හි Kobe Oji සත්වෝද්‍යානයේ ජීවත් වුවාය .නමුත් වයස අවුරුදු 1 මාස 8 ක් වූ ඇය තම නිවසේ සිට ඊසානදිග ජපානයේ Iwate ප්‍රාන්තයේ Ichinoseki නගරයේ Iwate Safari උද්‍යානය වෙත යමින් සිටියදී අප්‍රේල් 13 දින මිය ගොස් ඇති බව සත්වෝද්‍යානයේ නිලධාරීන් නිවේදනය කළේය .
Himawari සෆාරි උද්‍යානයේදී පිරිමි සතෙකු සමඟ සංසර්ගයේ යෙදීමට නියමිතව තිබූ බැවින් විශාල ට්‍රක් රථයක විශේෂ පෙට්ටියක දමා අප්‍රේල් 12 වැනිදා පෙරවරු 9 ට පමණ හිමවාරි ගමන ආරම්භ කළාය . රාත්‍රී 7.30 ට පමණ Niigata ප්‍රාන්තයේ විවේකාගාරයකදී කාර්ය මණ්ඩලය ඇයව පරීක්ෂා කරන විටත් ඇය මියගොස් ඇති බව වාර්තා විය.
සත්වෝද්‍යාන නිලධාරීන්ට අනුව Himawari ට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් නොතිබූ අතර ඇය තම නිවස වූ Kobe හි Oji සත්වෝද්‍යානයෙන් පිටත් වන විට හොඳින් සිටි බැවින් ඔවුන් විසින් මෙම සත්වයාගේ මරණයට හේතුව සොයා බලන බව සඳහන් කර තිබේ.