අනවසරයෙන් කාන්තාවකගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයා


අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අත්අඩංගුවට

.

Kanagawa ප්‍රාන්තයේ Kawasaki හි පොලිසිය විසින් 25 හැවිරිදි කාන්තාවකගේ මහල් නිවාසයට බැල්කනිය හරහා නීති විරෝධී ලෙස ඇතුළු වූ 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසියට අනුව, Tokyo හි Shinjuku Ward හි අවන්හල් කළමනාකරුවෙකු වන Hiroki Okada රාත්‍රී 8.15 ට පමණ කාන්තාවගේ මහල් නිවාසයට ඇතුළු වී තිබේ. එම අවස්ථාවේ අදාළ කාන්තාව නිවසේ නොසිටි නමුත් ඇය එම සමාගමේ සේවිකාවක් වන බැවින් ඔවුන් එකිනෙකා හඳුනන බව වාර්තා  වේ. 

 

සඳුදා අත්අඩංගුවට ගත් Okada වෙනත් අයෙක් විසින් ඇයව හඳුන්වා දීමෙන් පසු තමාට මෙම කාන්තාව හමුවූ බව පොලීසියට පැවැසූ අතර  තමන් කිසි විටෙකත් Okadaට තම මහල් නිවාසයට ආරාධනා නොකළ බවත්, ඇගේ ලිපිනය ඔහුට ලබා නොදුන් බවත් කාන්තාව පොලීසියට පවසා තිබේ.

Comments